Saturday, October 31, 2015

Paris 21 november - sinhalese translation of the statement "From the revolt of the banlieues to the proletarian revolution!"

Thank you for the translation Comrades !
Lal salam !


Dear Comrades,
. It also published in our web site.


Lal Salam!!!
---------------------------------------------------------------------------------------------------------------------------------------------------


ජාත්‍යන්තර සම්මේලනය
බෑන්ලියස් කැරැල්ලේ සිට නිර්ධන පංති විප්ලවය දක්වා!
Meeting : From the revolt of the banlieues to the proletarian revolution!

පොලීසිය විසින් ලූහුබඳිද්දී, වයස 17 සහ 18 වන බවුනා සහ ෂයිඩ් යන තරුණයන් දෙදෙනදා විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක් තුළ මිය ගොස් සිටියදී සොයාගනු ලැබුව වසර දහයක් ගතවී තිබේ. වසර 10කට ඉහත දී මේ නව පොලිස් ඝාතනය පිළිබඳ ප‍්‍රවෘත්තිය මහත් සේ පැතිරුණි. ප‍්‍රංශය පුරා, අසල්වැසි ජනතාව, තරුණයෝ පොලීසියට සහ ධනේශ්වර රජයට එරෙහිව පුරා මාස එකහමාරක් කැරලි ගැසූහ.

ස්ටොක්හෝම් නුවර සිට ලන්ඩන් දක්වා සහ එමෙන්ම අධිරාජ්‍යවාදී ධනේශ්වර එක්සත් ජනපදයේ ෆර්ගසන් තුළත් නව නැගී සිටීම් දුටු ධනේශ්වර පංතිය හා එහි රාජ්‍යය සහ සියලූ යුරෝපීය අධිරාජ්‍යවාදී ධනේශ්වර පංතිය අභිමුව නව අවතාරයක් පෙනී සිටියහ.

මෙම කැරැල්ල හමුවේ ධනේශ්වර පංතියට ඇල්ජීරියාවේ යුද්ධයේ දී වත් ප‍්‍රකාශයට පත් කරන්නට සිදු නොවූ හදිසි නීතිය, ප‍්‍රකාශයට පත් කරන්නට සිදු විය. දක්ෂිණාංශයේ සිට වාමාංශය දක්වා සහ අන්ත වාමාංශිකය පවා, ඒකාබද්ධ දෝෂාරෝපණයක් මේ සා විශාල පරිමාණයේ වූ යුක්ති සහගත කෝපයට එරෙහිව සිදු කළහ. ‘විප්ලවවාදීන්’ ලෙස කියාගනු ලබන්නන් අරගලයේ නියුතු මහජනතාව සමග නොසිට ධනේශ්වර පංතිය පසින් සිටගනිමින් සිය සැබෑ මුහුණුවර හෙළිදරවු කළහ.

කැරැල්ල ආරම්භයේ සිට, මාඕවාදීහු මෙය මුළුමනින්ම යුක්තිසහගත එකක් බවත් විප්ලවවාදීන්ගේ භූමිකාව පොලීසියට එරෙහිව කැරලිකරුවන්ගේ පාර්ශවයේ විය යුතු බව ප‍්‍රකාශ කළහ. ‘‘කැරලි ගැසීම යුක්තිසහගතයි!’’ යන කුළුගෙඩි පහර ප‍්‍රකට බෑන්ලියස් තරුණ අරගලයට අවමන් කිරීමට කළහැකි සෑම අවසරයක්ම සිතාබැලූ සියල්ලන් ඉදිරියේ හෙලන ලදහ. කැරැල්ලට සහය දීම පිණිස කැරැල්ලේ මධ්‍ය ස්ථාන වල සිටි එකම දේශපාලන බලවේගය මාඕවාදීන් පමණක්ම විය.
දස වසරකට පසුව ද තත්ත්වය ඒ අයුරෙන්මය. ධනේශ්වර පංතිය ආර්ථික අර්බුද නිර්ධනීන් මත පටවන අතර, ජනාකීර්ණ පෙදෙස් වල වඩාත් පිළිබිඹු වන මෙය නිර්ධනීන්ගේ ජීවිත සමග මුළුමනින්ම පාහේ එකිනෙක බැඳී පවතී. අනෙකුත් භූමි වල විරැකියාව 2.5 ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර, තරුණයින්ගෙන් 45% ක් ඊට ඇතුළත්ය; අස්ථිර රැකියාවල අනුපාතය බෙහෙවින් වැඩිය; දරිද්‍රතාවයේ අනුපාතය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත; සංක‍්‍රමණිකයින් හෝ සංක‍්‍රමණික සම්භවයකින් යුත් ජනතාව ඊට අමතරව වර්ගවාදී මර්ධනයෙන් පීඩා විඳියි; කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් අන්තර්ගත (90% ක් තනි-මාපිය පවුල්), තනි-මාපිය පවුල් දුෂ්කර තත්ත්වයක සිටී (විරැකියාව 50%); අනෙක් හැම තැනකටම වඩා නිවාස කටයුතුවල තත්ත්වය බෙහෙවින් දුෂ්කරය.

රාජ්‍ය වර්ගවාදය ප‍්‍රත්‍යක්ෂව පවතින තත්වයක් උඩ, වැඩිවෙන විරැකියාව සමග වැඩ කිරීමේ තත්වය බෙහෙවින් රළුය, ජනතාවගේ වාසස්ථාන කම්කරු පන්තියට එරෙහිව ධනපති පන්තියේ ප‍්‍රහාරයන්ට ලක්වීමේ දී ඉදිරියෙන්ම සිටී.
රබර් උණ්ඩ නිසා ගිණිය නොහැකි ප‍්‍රමාණයකට ඇස් අහිමි කරමින්, පොලීසිය ආබාධිතයින් ඇති කිරීම දිගටම කරගෙන යයි, අල්-යම්නි සිට අමිනේ බෙන්තෝසි දක්වා සිදුවන ඝාතන වල ලැයිස්තුව ඉතා දිගුය, සෑම වසරකදීම අපේ අසල්වැසි ජනතාව දස දෙනෙකු මිය යයි… තවද ඒ දෙයම සියළු අධිරාජ්‍යවාදී රටවල්වල ද අපි දකිමු.

සියලූ අධිරාජ්‍යවාදී රටවල් වල මෙන්ම ප‍්‍රංශය තුළද නිර්ධන පංති තරුණයින් තලා දැමිය නොහැකි බවත් ඔවුන්ට ප‍්‍රතික‍්‍රියා දැක්විය හැකි බවත් බෑන්ලියස් කැරැල්ල තහවුරු කරයි. අද පවා, කැරලි ගැසීම යුක්ති සහගත බව අපි කියන්නෙමු! ධනේශ්වර රාජ්‍යය ප‍්‍රචණ්ඩත්වය ට එරෙහිව විප්ලවීය ප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීම යුක්තිසහගත බව අද අපි කිව යුතුය. ප‍්‍රංශයේදී මෙන් – එමෙන්ම ධනේශ්වර රාජ්‍යයට පරිබාහිරින් වර්ධනය වන සියළුම අරගල වලට සහය දැක්වීමද යුක්ති සහගත වේ.

බ්ලොක් රූජ් (මාඕවාදී එක්සත්කම) සහ ඉතාලි-මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය, 2006 වසරදී සිදු කළාක් මෙන් බෑන්ලියස් කැරැල්ල සිදු වී දස වසරක් පිරීම නිමිත්තෙන් ජාත්‍යන්තර සම්මේලනයක් කැඳවා ඇත.

මන්දයත් – එදා මෙන්ම අදත් – අධිරාජ්‍යවාදී රටවල්වල නිරධන පංති විප්ලවයේ පෙළ ගැසීමෙහි කොටසක් බවට කැරලි පත් කිරීමේ ක‍්‍රියාකාරීත්වයට මගපෙන්වීමක් සොයා ගැනීම සහ එය පිළිබිඹු කිරීම අත්‍යාවශ්‍යය.

අපි සියළුම කොමියුනිස්ට්වාදී බලවේගවලට, ජාත්‍යන්තර මට්ටමේ සිටින විප්ලවීය සහ ප‍්‍රගතිශීලීන්ට සමුළුවට පැමිණෙන ලෙසත් හැකි සෑම ආකාරයකින්ම දායකත්වය ලබා දෙන ලෙසත් ඇරයුම් කරමු.

මර්ධනය ඇත්තේ කොතැනද එතැන විරෝධය පවතී!
අධිරාජ්‍යයවාදී ධනවාදීන්ට සහ සියළු ප‍්‍රතිගාමීන්ට එරෙහිව, කැරලි ගැසීම යුක්ති සහගතයි!
අරගල කරන්නට නීර්භීත වන්න, ජය ගන්නට නීර්භීත වන්න!

බ්ලොක් රූජ් (මාඕවාදී එක්සත්කම) – ප‍්‍රංශය
blocrouge@gmail.com

මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය – ඉතාලිය
pcro.red@gmail.com

වැඩිදුර තොරතුරු සඳහා සහ ඔබේ පැමිණීම දැනුම්දීමට සම්බන්ධ වන්න
blocrouge@gmail.com

No comments:

Post a Comment